බෝගම්බර බන්ධනාගාර රැඳවියන් 30දා සිට පල්ලේකැලේට

බෝගම්බර බන්ධනාගාර රැඳවියන් 30දා සිට පල්ලේකැලේට

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන් මේ මස30 වැනි දින සිට, විතැන් කිරීමේ වැඩසටහන යටතේ පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත යැවීමට පියවර ගෙන ඇත.

2014 ජනවාරි මස මුල් සතියේදී , හිස්වූ බෝගම්බර බන්ධනාගාර‍ය සතුව පවතින සියලු සම්පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා දිනමිණට පැවසීය.

ජනාධිපතිතුමා වෙත බන්ධනාගාරය බාරදීමෙන් අනතුරුව , බන්ධනාගාරයේ තිබෙන පෞරාණික වටිනාකමින් යුතු ගොඩනැඟිලි හා එම පරිශ්‍රයේ ඇති සියලු දෑ දැක බලාගැනීම සඳහා සති දෙකක කාලයක් මහජනතාවට විවෘතව තැබෙනු ඇති බව ද කියයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා