මුද්‍රණය සඳහා

 
රිදියගම වැව වාරි ව්‍යාපෘතියේ පිළිසකර වැඩ කඩිනම් කෙරේ

රිදියගම වැව වාරි ව්‍යාපෘතියේ පිළිසකර වැඩ කඩිනම් කෙරේ

වලව වම් ඉවුර රිදියගම වැව වාරි ව්‍යාපෘතියේ පුනරුත්තාපන කටයුතු කඩිනම් කිරීමට වාරි මාර්ග දෙපාර්ථමේන්තුව පියවර ගෙන ඇත. මෙහි මුල් අදියර කටයුතු වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් දස ලක්ෂ හාරසියයක් පමණ වේ.

මේ යටතේ රිදියගම ජලාශයේ ප්‍රධාන වේල්ල අළුත්වැඩියා කිරීම හා එහි උස අඩියකින් පමණ ඉහළ නැංවීම තුළින් වැඩි ජල ප්‍රමාණයක් රඳවා තබා ගත හැකි අයුරින් පුළුල් කෙරේ.

රුහුණු පුර ජල ව්‍යාපෘතිය සඳහා මේ වැවෙන් ජලය ලබා ගැනේ. එබැවින් ප්‍රදේශයේ වී වගාවට අවශ්‍ය වන ජල ප්‍රමාණය අඩුවක් නොවන පරිදි මෙසේ ජල කළමණාකරනයක් ඇති කිරීම මෙම පුනරුත්තාපන වැඩ පිළිවෙළෙහි අරමුණ බව හම්බන්තොට දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

අදාළ පුනරුත්තාපන කටයුතු සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]