මුද්‍රණය සඳහා

 
රු: කෝටි 35කට පුන්කලසක් විකිණීමට තැත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියා දැලේ

රු: කෝටි 35කට පුන්කලසක් විකිණීමට තැත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියා දැලේ

වසර අටසියයක් පැරණි මැණික් ගල් එබ්බවූ පුන්කලසක් රුපියල් කෝටි 35කට අලෙවි කිරීමට උතුසාහ කළ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු වත්තලදී ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔවුන් දෙදෙනා ඊයේ (15) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]