මවක් සිය දියණිය හා පුතු සමඟ දිවි කෙළවර කැර ගෙන

මවක් සිය දියණිය හා පුතු සමඟ දිවි කෙළවර කැර ගෙන

ගන්දර, පොලිස් වසමේ කපුගම සිරිමැදුර නිවසේ විසු මවක්, සිය දියණිය හා පුතු සමඟ නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානිකැරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ චම්මි කලුතොට (29), ටී. කේ. චමීෂා අමන්දි (9) සහ රවීෂ රෂ්මික (7) යන එකම පවුලේ අයයි.

මියගිය දියණිය හා පුතා තල්පාවිල මිහිඳු ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අය වෙති. මෙලෙස මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මියගිය කාන්තාව සහ ඇයගේ දරුවන් දෙදෙනා ඇගේ මවගේ නිවසේ වාසය කැර තිබෙන අතර ඇය දෛනික රාජකාරි කටයුතු සඳහා ගොස් පැමිණි පසු මේ තිදෙනා මියගොස් ඇති බවට දැනගෙන ඇත. ගන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා