මුද්‍රණය සඳහා

 
පොලිස් නිලධාරීන් ලෙස රඟපා මුදල් - දුරකථන කොල්ලකාලා

පොලිස් නිලධාරීන් ලෙස රඟපා මුදල් - දුරකථන කොල්ලකාලා

ත්‍රිරෝද රථයක් හරස්කර ත්‍රිරෝද රථයක් නතර කර එහි ගමන් ගත් තරුණයන් පස්දෙනකු පිටතට ගෙන දණගස්වා පහරදී රුපියල් 12,500/=ක මුදලක් හා ජංගම දුරකථන 05ක් පැහැරගෙන පලාගිය බව කියන පොලිස් නිලධාරීන් ලෙස රඟපෑ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු කළුතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සාදයකට සහභාගිවී ත්‍රිරෝද රථයකින් කළුතර, බණ්ඩාරගම මාර්ගය ඔස්සේ පෙරේදා (14) අලුයම ආපසු නිවෙස් බලා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිස මග හරස් කර තම ත්‍ර‍ිරෝද රථය නවතා තමනට පොලුවලින් පහරදුන් බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

උතුරු කළුතර වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අල්විස් සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මසිරි කුලතුංග යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]