ජනවාරියේ සිට 128650කට ගොවි විශ්‍රාම වැටුප්

ජනවාරියේ සිට 128650කට ගොවි විශ්‍රාම වැටුප්

කෘෂි හා ගොවි ජන රක්ෂණ මණ්ඩල වැ.බ. සභාපති

2014 අය-වැය යොජනා අනුව ලබන ජනවාරියේ සිට එක් ලක්ෂ විසි අට දහස් හයසිය පණස් නව දෙනකු සඳහා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම ඇරඹෙන බව කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ වැඩ බලන සභාපති, ඵළදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය “ දිනමිණ “ ට පැවසුවාය.

මේ යටතේ දැනට මේ විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබා සිටින අනූ දහස් පන්සිය හැත්තෑ තුන් දෙනකුට මෙන්ම ඉන් අනතුරුව හිමිකම් ලැබූ තිස් අට දහස් අසූ හය දෙනෙකු දෙනෙකු සඳහාද කෘෂිකර්ම පණත අනුව ජනවාරි මාසයේ සිට ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප හිමිවෙයි.

ඒ අනුව අවුරුදු 60 - 63 දක්වා සම්පූර්ණ වූවන්ට රුපියල් 1000ක් අවුරුදු 64 සිට අවම විශ්‍රාම වැටුප ලෙස මාසිකව රුපියල් 1250ක් හිමිවෙයි. මේ අතර ගොවීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් සිදු කර ගෙන යන බවද ඉතා ඉක්මණින් අවශ්‍ය සියළු කටයුතු නිමාවට පත් කෙරෙන බවද දමිතා ද සොයිසා මහත්මිය වැඩි දුරටත් සඳහන් කරන්නීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා