තිදරු පියාගේ මරණයට සැක බිරිය-අනියම් සැමියා අත්අඩංගුවට

තිදරු පියාගේ මරණයට සැක බිරිය-අනියම් සැමියා අත්අඩංගුවට

කලවාන පොතුපිටියේ පදිංචි තිදරු පියෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාර බිරිය හා අනියම් සැමියා ඊයේ (15) කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මස 07 දා සිට ආගිය අතක් නොමැතිව සිටි මියගිය තිදරු පියා ගේ මෘත දේහය නිවෙසට කිලෝමීටර් ½ක් දුරින් පිහිටි ගල්වළක තිබී ඊයේ සොයා ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.

මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ සවස සිදු කිරීමට නියමිතව තිබුණි.මියගිය පුද්ගලයාට වයස අවුරුදු දහයක හතක හා මාස දෙකක වයසැති දරුවන් තිදෙනකි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා