මත්කුඩු ජාවාරමට මගේ නම යොදාගෙන කරන ප්‍රචාරවලට රැවටෙන්න එපා

මත්කුඩු ජාවාරමට මගේ නම යොදාගෙන කරන ප්‍රචාරවලට රැවටෙන්න එපා

අගමැති ජනතාවගෙන් ඉල්ලයි

මත්කුඩු ජාවාරමට තම නම ඈඳා ගනිමින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි අගමැති, ආචාර්ය දී. මු. ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැරදි සිදුකර ඇති පුද්ගලයන් එම වැරදි වසා ගැනීමට වෙනත් අය මත එම වැරදි පැටවීමේ උත්සාහයක නිරත වන බව හෙතෙම කීවේය.

තමන් බුදුදහමට අනුකූලව ජීවිතය හැඩගස්වා ගත් අයකු බවත් තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කණගාටුවට පත්නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය. උඩුනුවර තෙළඟුගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අගමැති, ආචාර්ය දි.මු.ජයරත්න මහතා එසේ කියා සිටියේය.

ජනතාවගේ ආකර්ශනය දිනාගැනීම සඳහා දූෂිත සහ වංචනික පුද්ගලයින් විසින් නිවැරදි පුද්ගලයන් වැරදිකරුවන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බව ජයරත්න මහතා පැවැසීය. සියයට 95ක් පමණ වු මත්කුඩු වලට විරුද්ධ ජනතාවගේ ප්‍රසාදය ලබාගැනීම සඳහා තමන්ට එරෙහිව ද ඇතැමුන් චෝදනා එල්ල කිරීමට උත්සාහ කරන බව අගමැතිවරයා කියා සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා