මුද්‍රණය සඳහා

 
උතුරු-නැ‍ඟෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු 22488කට විසැඳුම් ලබා දීලා

උතුරු-නැ‍ඟෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු 22488කට විසැඳුම් ලබා දීලා

උතුරු හා නැඟෙනහිර පළාත්හි ජනතාවගේ ඉඩම් ගැටලු 22,488ක් සඳහා විසඳුම් ලබාදී තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පසුගිය නොවැම්බර් මාසයේ 30 දා වනවිට එම පළාත් හි ජනතාවගේ ඉඩම් ගැටලු 148,438ක් ලැබී තිබෙන අතර විසඳීමට ඉතිරිව ඇති ගැටලු 125,950 සඳහා ලබන 2014 වර්ෂය ඇතුළත විසඳුම් ලබාදෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ඇමැතිවරයා පෙන්වා දෙන්නේ උතුරු සහ නැ‍ගෙනහිර පළාත්හි රජයේ හමුදාවන් පරිහරනය කළ ඉඩම් අක්කර 1,375 ක් මේ වනවිට මුල් පදිංචිකරුවන් වෙල බෙදා දී තිබෙන බවයි.

මේ ඉඩම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පරිහරනය කළ ඒවා බව පෙන්වාදෙන ඇමැතිවරයා එය යාපනය, ත්‍රීකුණාමලය, මන්නාරම සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්ට අයත් බවද කියාසිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]