මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන නැරැඹීමට ආ සංචාරකයන්ගෙන් මේ වසරේ රු. කෝටි 134ක ආදායමක්

ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන නැරැඹීමට ආ සංචාරකයන්ගෙන්
මේ වසරේ රු. කෝටි 134ක ආදායමක්

සංස්කෘතික ඇමැති හෙළි කරයි

ශ්‍රී ලංකාවේ ඇති ලෝක උරුම ලෙස නම් කළ ස්ථාන නැරඹීමට සංචාරකයන්ගේ පැමිණීම හේතුවෙන් 2012 වසරේ දී රුපියල් කෝටි 134 ක ආදායමක් රජය උපයාගෙන ඇතැයි සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී ඒකනායක මහතා පැවැසීය.

ලෝක උරුම නැරඹීමෙන් 2011 වසරේ දී රුපියල් කෝටි 102 ක මුදලක් ද 2010 වසරේ දී රුපියල් කෝටි 76 ක මුදලක් ද ආදායම් ලෙස උපයාගෙන ඇතැය ද හෙතෙම කීවේය.

අනුරාධපුර පුරා නගරය, පොළොනන්නරුව පැරණි නගරය, සීගිරිය පැරණි නගරය, දඹුල්ල බිතු සිතුවම් සහිත ලෙන් විහාර සංකීර්ණය, මහනුවර පූජා නගරය, ගාල්ල පැරණි නගරය හා එහි කොටු බැම්ම ලෝක ලෝක උරුම සංස්කෘතික ස්ථාන ලෙස ද සිංහරාජ වනාන්තරය, ශ්‍රී පාදය ද ලෝක උරුම ලෙස හඳුනාගෙන ඇති බවද ඒ මහතා කියා සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]