පුත්තලම පොලිස් අධිකාරි නිල රථයේ ත්‍රිරෝද රිය ගැටී තිදෙනෙක් මරු දකිති

පුත්තලම පොලිස් අධිකාරි නිල රථයේ ත්‍රිරෝද රිය ගැටී තිදෙනෙක් මරු දකිති

පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ නිල මෝටර් රථයට ඊයේ (15) අලුයම පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදි වේගයෙන් ආ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් සිදු වූ අනතුරින් එම ත්‍රිරෝද රථයේ පැමිණි තරුණයන් තිදෙනකු මිය ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි.

මෙහි දී මියගොස් ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ විසූ අයියා මලෝ දෙදෙනකු වන අකිල මධුසංඛ හා දිලාන් මධුසංඛ සහ මිලාන් ප්‍රසන්න අප්පුහාමි (26) යන තිදෙනාය.

පුත්තලම පොලිස් අධිකාරි සුගත් නාගහමුල්ල මහතා ඊයේ (15) අලුයම 12.30 ට පමණ තම නිල පොලිස් රියදුරු සමඟ රාජකාරි ගමනක් සඳහා පුත්තලමේ සිට හලාවත දෙසට තම නිල රථයෙන් ගමන් කරමින් සිට ඇත.

එම රථයේ නිල රියදුරු රථයේ රියදුරුව කටයුතු කරමින් සිට ඇත. එම රථය මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයට එන අතර ඉදිරියෙන් අධික වේගනයන් පැමිණි ත්‍රිරෝද රථයක් එකවරටම වේගය සීමා කිරිමට ගිය විට එම ත්‍රිරෝද රථය මාර්ගය මැද පෙරැළි විත් වේගයෙන් පොලිස් නිල රථයේ ගැටි මේ අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි.

මියගිය තරැණයන්ගේ සිරැරැ මේ වන විට පුත්තලම මුලික රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. මේ අනතුර සමබන්ධයේ එම නිල රථය සහ එහි නිල රියැදුරු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැත. එම රථයේ සිටි අයට තුවාල සිදුව නැති බවත් කියති.

මේ අනතුර වාර්තාවිමත් සමඟම මේ සම්බන්ධයෙන් පුර්ණ පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරිම පිණිස වැඩබලන පොලිස්පති ගාමිණි නවරත්න මහතා විසින් රථවාහන මුලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පිටත් කර යවා ඇත. මුන්දලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා