හමුදාවෙන් පැන ගිය ‘මුව ගැන්සිය’සාලියපුර වනසති

හමුදාවෙන් පැන ගිය ‘මුව ගැන්සිය’සාලියපුර වනසති

ඒ අස්සේ මස් වැද්දන්ටත් රජ මඟුල්

අනුරාධපුර සාලියපුර යුද හමුදා කඳවුරෙන් පලා ගිය බව පැවසෙන තිස් දෙනකුගෙන් පමණ සමන්විත “මුව රංචුවක්” ප්‍රදේශයේ වගා විනාශ කර දමමින් සිටිති. එසේම උගුල් හා විවිධ ක්‍රම උපයෝගී කොට ගනිමින් ඇතැම් “මස් වැද්දන්” මුව දඩයමේ යෙදී සිටින බව වාර්තාවේ වේ.

අං සහිත මුවන්ගෙන් සමන්විත මේ මුව රංචුවේ කුඩා පැටවුන් දහ දොළොස් දෙනකු ද සිටින බව සාලියපුර ප්‍රදේශයේ ගැමියෝ කියති.

දිවා රාත්‍රී දෙකේම මේ මුව රංචුව කුඹුරු හා ගෙවතු වගාවන් විනාශ කර දැමීම දරාගත නොහැකි පාඩුවක් වී ඇතත් “ කෑම්ප් එකේ “ මුවන් මරා දැමීම තමන් සිදු නොකළත් ඇතැමුන් උගුල් ඇටවීමෙන් ද වස විෂ දීමෙන් ද මුවන් මරා දමමින් සිටින බව ගොවීහු පවසති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා