මුද්‍රණය සඳහා

 
හැට පැන්නත් වැඩ හැකි නම් හෙදියන්ට මෙන්න ඉඩ

හැට පැන්නත් වැඩ හැකි නම් හෙදියන්ට මෙන්න ඉඩ

තමා සෞඛ්‍ය සම්පන්න නම් වයස අවුරුදු 60ක් විශ්‍රාම ගියත් හෙදියන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතේ තම ප්‍රදේශයේ රෝහල්වලට ලබා ගැනීමට සූදනාම් යැයි උතුරු මැද පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා ආවධාරණය කරයි.

ඉකුත් 13 මරදන්කඩවල රෝහල ආශ්‍රිතව රුපියල් ලක්ෂ 35ක් වැයකර තැනූ සුවදිවි මධ්‍යස්ථානය විවෘත කර ජනතා අයිතියට පත් කරමින් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීහ.

බෝ නොවන රෝග මුලදීම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට පහසුයි. රෝග හඳුනාගැනීම පිළිබඳව ජනතාව දැනුවත් වෙලා මදි. ඕනෑම අයකුට උතුරුමැද පළාතේ ඕනෑම ‍රෝහලකට ගොස් නොමිලයේ තම ශරීරය සම්පූර්ණව පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. ඒ පහසුකම්වලින් ප්‍රයෝජන ගන්න ඕන. රෝගී තත්ත්වය පිළිබඳ ආරක්ෂාව තමා විසින්ම කළ යුතුයි.

නිලධාරී මණ්ඩලය සමඟ උතුරු මැද පළා‍ෙත් සෑම රෝහලකටම ගොස් ඒවායේ ඇති අඩුපාඩු සොයා බලා ඒවා සකස්කර දීමට මා සැලසුම් කර තිබෙනවා. හොඳම පිරිසිදු පානීය ජලය අනුරාධපුරයේ දී අප ලබා දෙනවා. තුරුවිල ජල පවිත්‍රාගාරයෙන් පවුල් එක්ලක්ෂ පනස් දහසකට ජලය ලබා දෙනවා. ඉතාම පිරිසිදු ජලය. ලංකාවේ ජල පිරිසිදු කිරීම පිළිබඳ තරගවලදී එක දිගටම එම පවිත්‍රාගාරය වසර 5ක් ප්‍රථම ස්ථානය දිනා තිබෙනවා. නමුත් තුරුවිල ජලය ගෙදර තබාගෙන බෝතල් පාවිච්චි කරනවා.

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චන්ද චන්ද්‍රදාස, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. විජේසිංහ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, සැලසුම් අංශයේ වෛද්‍ය උපුල් මරදන්කඩවල, රෝහල් භාර ස්ථාන නිලධාරී වෛද්‍ය අශෝක කරණාරත්න, පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. එන්. උඩුගම යන මත්ම මත්මීන් සහභාගී වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]