|
||||
මහනුවරට ජයඅන්තර් සමාජ ඩයලොග් ලීග් පළමු කොටසේ රගර් තරගාවලියේ හම්බන්තොට ෂාක්ස් පිල සමග නිත්තවෙල දී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 48-6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය. මහනුවර පිල ලබාගත් ලකුණු 48ට ගෝල් 4ක් හා උත්සාහක දිනුම් 4ක් ඇතුළත් වු අතර ෂාක්ස් පිල දඬුවම් පහර දෙකකින් ලකුණු 6 ලබාගත්තේය. මහනුවර පිලේ අනුරාධ විල්වර විසින් උත්සාහක දිනුමක් ලබාගනිමින් තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර සමස්ත තරගයේදී ඔහු විසින් උත්සාහක දිනුම් 3ක් වාර්තා කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 26-3ක් ලෙස මහනුවර පිල ඉදිරියෙන් පසුවිණි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |