මුද්‍රණය සඳහා

 
රිනවුන් අවසන් තරගයට

රිනවුන් අවසන් තරගයට

සොලීඩ්-ගුවන් තරගය අත්හැර දමයි

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ බෝගම්බර පිටියේ පැවැත්වීමට නියමිතවු අනුරාධපුර සොලීඩ් හා ගුවන් හමුදාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදුවිය.

පෙරේදා පළමු අවසන් පූර්ව තරගයේදී මීගමුව දොන් බොස්කෝ ගෝල් 2-0කින් පරදවා රිනවුන් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේදී වාර්තාවු ගෝල් 2කම රිනවුන් නායක මොහොමඩ් ෆසාල් රැස්කර ගත්තේය.

ඊයේ අත්හැර දමන්නට යෙදුණු තරගය ඉදිරි දිනක පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]