මුද්‍රණය සඳහා

 
ටියුනීසියාව හිටපු කර්මාන්ත ඇමැති සරණ යයි

ටියුනීසියාව හිටපු කර්මාන්ත ඇමැති සරණ යයි

ටියුනිසියාවේ මාසයක් පමණ පුරා පවති අර්බුදකාරී තත්ත්වයෙන් එරට මුදා ගැනීමේ අරමුණ ඇතිව පිහිටුවාගත් ස්වාධීන රජයේ ප්‍රධානියා වශයෙන් එරට කර්මාන්ත ඇමැති මෙඩි ජොමා තෝරා පත්කරගෙන ඇත.

ටියුනිසියාවේ නව අගමැති වශයේන් හිටපු කර්මාන්ත ඇමති මෙඩි ජොමා තෝරා පත් කර ගත් බව ප්‍රකාශයට පත් කරන ටියුනිසියාවේ පොදු කම්කරු සමිතියේ මහ ලේකම් අබ්බාසිස්

එරට දේශපාලන පක්ෂ 21ක් එය අනුමත කර ඇති අතර ප්‍රතික්ෂේප කර ඇත්තේ නිඩා ටවුනිස් පක්ෂය පමණි. නව අගමැති විසින් දින 15 ක් ඇතුළත නව රජය පිහිටුවිය යුතු වේ.

එමෙන්ම වසර 2014 මහ මැතිවරණය සංවිධාන කිරීමේ භාරදූර කාර්යයද ඔහුට පැවරෙනු ඇත. වසර 2011 සිට ටියුනීසියාව පාලනය කළ එනාඩා ඉස්ලාම් පක්ෂය ඉවත්වීමෙන් පසුව 92 වියැති මුස්ටෆා ෆිලාලි ගේ නායකත්වයෙන් යුත් විරුද්ධ පක්ෂය රට පාලනය කිරීමේ වගකීම පිළිගෙන නැත.

එරට සභාග රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැත් වූ විරෝධතා උත්සන්න වූයේ පසුගිය ජූලි මාසයේ දී තවත් විපක්ෂ දේශපාලන නායකයෙක් වූ මොහොමඩ් බ්‍රාමි ඝාතනය කිරීමෙන් පසුවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]