|
||||
ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වාර්තාගත ලෙස ඉහළ ගිහින්පසුගිය වසරේ ස්ත්‍රී දූෂණ 24,923 ක් පසුගිය වසරේ දෙසැම්බර් 16 වෙනිදා 23 හැවිරිදි ඉන්දිය වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් වී වසරක් පිරී ඇත. සති දෙකකින් අනතුරුව ඇය මිය ගිය අතර ඉන්දියාවේ ප්‍රබල විරෝධතා මතු විය. කෙසේ වෙතත් සීමා නැමති ගම්බද තරුණිය සමූහ දූෂණයට අලුත් අවුරුදු දා ලක් වී ඇත. මෙම අපරාධය සිදු කළ සාහසිකයන් 6 දෙනා නීතියේ රැහැනට අසුකොට දඬුවම් පැමිණ වීමට ඇය කළ සටන ජයගත නොහැකිව 6 මසකින් පසුව සිය සිරරුට ගිනිතබා ගෙන මිය ගොස් ඇත. මේ අතර ඉන් අනතුරුව නව දිල්ලියේ දී මාධ්‍යවේදිනියක් ද සමූහ දූෂණයට ලක්වීමෙන් යලිත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. ඒ අවස්ථාවේදීත් ඉන්දියාවේ ප්‍රභල විරොධතා ඇති විය. දූෂකයන්ට එරෙහිව නීතිය දැඩි කළ යුතු බවට ප්‍රබල හඬක් ඉස්මතු වීමත් සමඟ නීතියද සංශෝධන කරනු ලැබීය. එය කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමේ නව කඩ ඉමක් ලෙස සැලකේ. ඊට වගකිව යුතු හතර දෙනෙක්ට මාස හතක් ඇතුළත නීතියේ රැහැනට අසුකර ගෙන මරණීය දණ්ඩයට ලක් කරන ලදී. කෙසේ වෙතත් ගම්බද ප්‍රදේශකය විසූ සීමා දූෂණයට ලක් කළ අපරාධකරුවන් මෙතෙක් සොයා ගෙන නැත. එමනිසා නව දිල්ලිය සහ ගම්බද ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පැහැදිලි වෙනසක් ඇති බවට චෝදනා එල්ල වේ. පසුගිය වසරේ ඉන්දියාවේ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 24,923 කි. මේ වසරේ සංඛ්‍යා ලේඛන මෙතෙක් නිකුත් වී නැතත් එම සංඛ්‍යාව තවත් වැඩිවනු ඇතැයි විශ්වාස කෙරේ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |