වතුර කලයට වස දැමූ දෙදරු පියා අත්අඩංගුවට
(15.55pm)

බිරිය, දරුවන් දෙදෙනා හා නැන්දනිය මරා දැමීමට වතුර කලයට අධික විස සහිත කෘෂි රසායනයක් මිශ්‍ර කළ බවට සැකපිට පුද්ගලයකු මහවිලච්චිය පොලීසිය මගින් අද (9) අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර»


නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක
(15.30pm)

නව ගුවන් හමුදාපතිවරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පත් කර තිබේ. පෙබරවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය. 

විස්තර»


‘පලස්තීන තාරුකාව’ හෙට  දිනමිණ සමඟ

පලස්තීන ජනපති මොහොමඩ් අබ්බාස් ශ්‍රී ලංකා ජනපතිතුමන්ට ‘පලස්තීන තරුව’ පිරිනමන වර්ණ කඩදාසියේ මුද්‍රිත ජායාරූපය හෙට (10) පත්‍රය සමඟ නොමිලේ



යහපාලනයත්, මනා මූල්‍ය පාලනයත් රටේ අභිවෘද්ධියට එකසේ වැදගත්

ජනාධිපති මහින්ද රාජපක්ෂ
20.31.2013 පාර්ල‍ිමේන්තුවේදී





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සභාපති සමිතියේ දේපොළවලින් ලක්ෂ ගණන් ගසා කාලා

පරම විඥානාර්ථ බෞද්ධ සංගමය රැකගන්න පිරිසක් පොලිසි යති

* බලධාරීන් 9කගේ කමිටුවෙන් විශේෂ පරීක්ෂණ

* නිල කාලය අවසන් වූවත් තවමත්
   සභාපති ධුරයේ

* විමර්ශන අතරතුර තවත් වංචා රැසක තොරතුරු

පැරණි ඉතිහාසයක් ඇති කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපතිවරයා විසින් එම සමිතිය සතු දේපොළ අනිසි ලෙස භාවිතා කර රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක් වංචා කර ඇතැයි එම සමිතියේ නිලධාරී මඬුල්ල පිටකොටුව පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියි.මේ සඳහා එම සමිතිය මඟින් විගණනයද සම්බන්ධ කර ගනිමින් විශේෂ විමර්ශනයක්ද පැවැත්වෙන අතර ඒ සඳහා නිලධාරීන් 9 දෙනකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබේ.

විස්තර»

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සක්

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකා කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය ශ්‍රී ලංකාව ඇතුළත සංසරණය වන කාසි හිඟවීමට එක් ප්‍රධාන හේතුවක් බව ද එම බැංකුව පෙන්වා දෙයි. ඒ අතරින් කාසි විශාල ප්‍රමාණයක් බුද්ධගයාවේ තිබෙන බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යෙදෙන ශ්‍රී ලාංකීය බැතිමතුන් පඬුරු ලෙසින් පූජා කරන කාසි, මෙලෙස ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන බව කියා සිටී.

විස්තර»

පස් හැවිරිදි සිඟිත්තියගේ බෙල්ලට උණු වතුර දමා පුච්චලා

මව මානසික ආබාධ සහිත කෙනෙක්:
පියා පවුල අතැර ගිහින්

කෲර ලෙස පහර දුන් පුංචි අම්මා දැලේ

ලවතුගොඩ ප්‍රදේශයේ පස් හැවිරිදි දැරියකගේ ගෙලට උණු දිය වත්කර පුළුස්සා කෲර ලෙස පහරදුන් බව කියන දැරියගේ පුංචි අම්මා පොලිසිය පෙරේදා (07) සවස අත්අඩංගුවට ගෙන තිබේ. පිළිස්සුනු දරුවා මේ වනවිට අකුරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. මේ අනුව දැරිය රැක බලාගත් බව කියන සැකකාර පුංචි අම්මා අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

රට යන්න සහන මිලට වාර්තා දෙන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් අද විවෘත කෙරේ

විදේශගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහන මිලට වෛද්‍ය වාර්තා ලබාගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය මධ්‍යස්ථානය අද (09) විවෘත කෙරේ. විදේශ රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට වඩා විධිමත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ස්ථාපිත කළ බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති සේනක අබේගුණවර්ධන මහතා පවසයි.

විස්තර»

අප්‍රේල් මාසයේ සිට ආහාර වර්ග තුනකට සහතික මිලක්

එළඹෙන අප්‍රේල් මාසයේ සිට ලොකු ලූනු, අර්තාපල් අල සහ වියළි මිරිස් සඳහා සහතික මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබේ.ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා පැවසීය.

විස්තර»

නරක් වූ හාල්මැස්සන් කිලෝ 50000ක් මාතලේ ගබඩාවක

මැදපෙරදිග සිට ආනයනය කරන ලද කල් ඉකුත් වූ නරක් වී ගඳ ගසන හාල්මැස්සන් කිලෝ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල ඇළකන්ද ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් පාරිභෝගික අධිකාරිය ඒවා හොඳ හාල්මැස්සන්ට මිශ්‍ර කර අලෙවි කරන ජාවාරමක තොරතුරුද අනාවරණය කර ගෙන තිබේ. එසේ සකස් කරන ලද හාල්මැස්සන් තොග‍යක් පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ සැල්වලට බෙදාහරින බවට ලැබුණු තොරතුරු මත එම ලොරියද අත්අඩංගුවට ගෙන සිදු කළ මෙහෙයුමේදී මෙම විශාල හාල්මැස්සන් ගබඩාව සොයා ගැනීමට හැකිවී තිබේ.

විස්තර»

 ශ්‍රී ලංකා මිතුරන් පලස්තීන ජනපති
හඳුනා ගනිමින්...

පලස්තීනයේ බෙටුනියා නගරයේ ඉදිකෙරුණු මහින්ද රාජපක්‍ෂ වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් පසුගිය 6 වැනිදා විවෘත කෙරිණ. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නියෝජිත පිරිස පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් මහතාට හඳුන්වා දුන් අයුරු. විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් ද වාස් ගුණවර්ධන, ජෝන් අමරතුංග මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය – සුදත් සිල්වා

විස්තර»



 


 

මැදපෙරදිග එන විට මද සුළඟ හමන්
ගත සිත පිනා යයි දුරුවී වෙහෙස ගිමන්
බොන්නට කෝපි වීදුරුවක් පැමිණි ගමන්
ජෝන් අයියෙ අරලියගහ ළඟට යමන්