“දැයට කිරුළ ගී තරුව” වීමට ඔබටත් අවස්ථාවක්

“දැයට කිරුළ ගී තරුව” වීමට ඔබටත් අවස්ථාවක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා යූත් සමඟ තුන්වන වරටත් සංවිධානය කරන “දැයට කිරුළ 2014” ගායනා අභිෂේක තරගය මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. වයස අවු 18 – 19 අතර කුරුණෑගල, කෑගල්ල, පුත්තලම යන දිස්ත්‍රික්කවල ජීවත්වන තරුණ තරුණියන්ට මේ තරගයට සහභාගී වීමට හැකිය.

ජයග්‍රාහකයන් සඳහා විටිනා ත්‍යාග සහ සහතික පිරිනැමේ. දැයට කිරුළ 2014 ජාතික ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන මේ තරගය දැයට කිරුළ භූමියේ ජාතික රූපවාහිනී මැදිරියේ පැවැත්වෙන අතර එය සජීව ලෙස විකාශනය කෙරේ.

සම්මුඛ පරීක්ෂණය පහත සඳහන් ස්ථානවලදී පෙ.ව 09.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ. ජනවාරි 17 පුත්තලම දිස්තික්කය - හලාවත කොළඹ පාරේ පබ්බල ජල ජිවී අභිජනන මධ්‍යස්ථානය, ජනවාරි 18 කුරුණෑගල දිස්ත්‍රික්කය - කුරුණෑගල නුවර පා‍ෙර් නො.350 Kandyan Reach hotel ජනවාරි 19 කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන පින්නවල පින්නලන්ද හෝටලය

තරගකරුවන් තමන්ගේ ජීව දත්ත පිටපතක් සහිතව පැමිණිය යුතුය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා