යාපනය දිස්ත්‍රික්කයට අධිකරණ සංකීර්ණ තුනක්

යාපනය දිස්ත්‍රික්කයට අධිකරණ සංකීර්ණ තුනක්

යාපනය දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ස්ථාපිත කළ නව අධිකරණ සංකීර්ණ තුනක් හෙට(09) උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

රුපියල් මිලියන 460 වියදමින් ඉදිකළ මේ අධිකරණ සංකීර්ණ අගවිනිසුරු මොහාන් පිරිස් , ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා අධිකරණ ඇමති රවුෆ් හකිම් මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරෙන අතර අධිකරණ සංකිර්ණ චාවකචිචේරිය, මල්ලාකම්, හා කයිටිස් ප්‍ර‍දේශයේ පිහිටුවා ඇත.

මහේස්ත්‍රාත් අධිකරණ , දිසා අධිකරණ මෙම සංකීර්ණවල ස්ථාපිත කර ඇති අතර විනිසුරු නිල නිවාස, රජයේ නීතීඥ නිල නිවාස,ඇතුළු සියළු යටිතල පහසුකම් වලින් සමන්විතය.

අධිකරණ සංකීර්ණ වලට ලගාවිය හැකි මාර්ග ඇතුළු යටිතල පහසුකම් උතුරු වසන්තය යටතේ සංවර්ධනය කර ඇති බවත් එම කටයුතු බැසිල් රාජපක්ෂ මහත සිදු කළ බවත් ඒ මහතා පැවසීය. විවෘත කිරිමේ උලෙලට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි විග්නේෂ්වරන්, අමාත්‍යාංශ ලේකම් කමලනිද සිල්වා මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා