මුද්‍රණය සඳහා

 
‘ආසියානු සංචාරකයා ජයගැනීම’ ඇමැති බැසිල්ට පිළිගැන්වෙයි

‘ආසියානු සංචාරකයා ජයගැනීම’ ඇමැති බැසිල්ට පිළිගැන්වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සම්පාදිත 'ආසියානු සංචාරකයා ජයගැනීම' කෘතිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (9) සිදුකෙරේ.

මාධ්‍යවේදීන් වන ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ මනෝජ් අබයදීර මහත්වරුන් විසින් රචනාකර තිබෙන මේ කෘතිය මඟින් ලෝකයේ නව සංචාරක ප්‍රවණතා අනුව ඉන්දියාව සහ චීනය ද ඇතුළු ආසියානු සංචාරකයා ජය ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.

ඉන්දියාවේ සහ චීනයේ පැවැති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වූ මාධ්‍යවේදීන් ද මේ සඳහා ලිපි සපයා තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]