මුද්‍රණය සඳහා

 
එජාප නව සභාපති කබීර් හෂීම්

එජාප නව සභාපති කබීර් හෂීම්

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (08) දා රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කොට තිබේ.

පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය හා පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ නිර්දේශ මත මෙම පත් කිරීම සිදුකළ බව, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ‘දිනමිණට’ ප්‍රකාශ කෙළේය.

ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ලෙස රෝසි සේනානායක, දේශපාලන හා ප්‍රචාරක ලේකම් ලෙස මංගල සමරවීර, කෘෂිකර්ම ලේකම්වරයා ලෙස පී. හැරිසන්, පක්ෂයේ වැවිලි ලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කැර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]