මුද්‍රණය සඳහා

 
ඇහැලේපොළ කුමාරිහාමි මුහුරත් උළෙල ජනාධිපති ආර්යා ප්‍රධානත්වයෙන්

ඇහැලේපොළ කුමාරිහාමි මුහුරත් උළෙල ජනාධිපති ආර්යා ප්‍රධානත්වයෙන්

ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මුහුරත් උළෙල ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (3) වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. එහිදී එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා තිර පිටපත් රචක සුදත් සමරකෝන් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා අයුරු.

බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, ඇහැලේපොළ කුමාරිහාමි චරිතයට පණපොවන දුලානි අනුරාධා යන අය ද මෙහි සිටිති. චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර, කැමරා අධ්‍යක්ෂ චන්දන ජයසිංහ, අංග රචන ශිල්පී වසන්ත විට්ටච්චි, ප්‍රධාන නළු නිළියන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]