හිටපු ඇමැති ජෙයරාජ්ගේ 61වැනි ජන්ම සැමරුම අද

හිටපු ඇමැති ජෙයරාජ්ගේ 61වැනි ජන්ම සැමරුම අද

ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයට අහිමිවූ කෘතහස්ත දේශපාලනඥයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 61 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන අද (9) සිට 11 දින දක්වා ගම්පහ දිසාව පුරා වෙහෙර විහාර ස්ථාන රැසකදී ගුණ සමරු වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇත. ජන්ම ප්‍රසාදිනී 2014 නමින් මේ ගුණ සමරු වැඩසටහන නම් කර ඇත.

අද (9) රාත්‍රී 7.00 ට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් ඉදිකළ ජනජයගම බෝලවලාන ශ්‍රී සුදර්ශනාරාමයේදී වල්පොළ විද්‍යාවාස පරිවේනාධිපති ගලහ පඤ්ඤාසාර හිමියන්ගේ දම් දෙසුමක් පැවැත්වේ.

මීට සමගාමීව පැවැත්වෙන මීගමුව අධ්‍යාපන කලාපයේ 2013 ශිෂ්‍යත්ව සමතුන්ට තිලිණ ප්‍රදානය හා විදුහල්පති ප්‍රණාම උළෙල මේ මස 11දා පෙරවරු 8.30 ට මීගමුව නගර ශාලාවේදී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එදින පස්වරුවේ උතුරු කදිරාන ජල යෝජනා ක්‍රමය හා සමෘද්ධිගම ප්‍රජා ශාලාව විවෘත කිරීමටද නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා