අප්‍රේල් මාසයේ සිට ආහාර වර්ග තුනකට සහතික මිලක්

අප්‍රේල් මාසයේ සිට ආහාර වර්ග තුනකට සහතික මිලක්

එළඹෙන අප්‍රේල් මාසයේ සිට ලොකු ලූනු, අර්තාපල් අල සහ වියළි මිරිස් සඳහා සහතික මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබේ.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා පැවසීය.

එම සහතික මිල නියම කිරීමත් සමඟ දේශීය වශයෙන් ලොකු ලූනු, අර්තාපල් අල සහ වියළි මිරිස් වගාවේ නියුතු ගොවියාගේ සුරක්‍ෂිතභාවය, වගා ව්‍යාප්තිය සහ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධනය අරමුණු කළ කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ද රජයයේ අවධාණය යොමුව ඇති බව හෙතෙම කීවේය. මිරිස් ආනයනය ද සම්පූර්ණයෙන් නතර කිරීමටත්, ලොකු ලූනු නෙළන කාලයට ලූනු ගෙන්වීම සිමා කිරීමටත් තිරණය කර ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා