මුද්‍රණය සඳහා

 
නරක් වූ හාල්මැස්සන් කිලෝ 50000ක් මාතලේ ගබඩාවක

නරක් වූ හාල්මැස්සන් කිලෝ 50000ක් මාතලේ ගබඩාවක

මැදපෙරදිග සිට ආනයනය කරන ලද කල් ඉකුත් වූ නරක් වී ගඳ ගසන හාල්මැස්සන් කිලෝ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල ඇළකන්ද ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් පාරිභෝගික අධිකාරිය ඒවා හොඳ හාල්මැස්සන්ට මිශ්‍ර කර අලෙවි කරන ජාවාරමක තොරතුරුද අනාවරණය කර ගෙන තිබේ.

එසේ සකස් කරන ලද හාල්මැස්සන් තොග‍යක් පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ සැල්වලට බෙදාහරින බවට ලැබුණු තොරතුරු මත එම ලොරියද අත්අඩංගුවට ගෙන සිදු කළ මෙහෙයුමේදී මෙම විශාල හාල්මැස්සන් ගබඩාව සොයා ගැනීමට හැකිවී තිබේ.

බොහෝ කාලයක් තිස්සේ මැදපෙරදිගින් හාල්මැස්සන් ගෙන්වා ඒවා කල් ඉකුත් වී නරක් වූ පසු විනාශ කරනවා වෙනුවට එම ව්‍යාපාරිකයා විසින් ඒවා හොඳ හාල්මැස්සන්ට මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරම කරගෙන ගොස් තිබේ. අදාළ ස්ථානයේ කන්ටේනර් යාඩ් එකක මෙම ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත. මොහුගේ මෙම අපිරිසිදු හාල්මැස්සන් තොග මේ ආකාරයෙන් රටපුරා බෙදා හරිනු ලබයි.

අදාළ ස්ථානයට සීල් තැබූ පාරිභෝගික අධිකාරිය අත්අඩංගුවට ගත් තිදෙනෙකු ඇතුළු ව්‍යාපාරිකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]