මුද්‍රණය සඳහා

 
හොර ලේඛන පෙන්වා ජපානයෙන් ගෙනා සැප වාහන 9ක කොටස් රේගු දැලේ

හොර ලේඛන පෙන්වා ජපානයෙන් ගෙනා සැප වාහන 9ක කොටස් රේගු දැලේ

නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් මිලියන 15ක් වටිනා රථ වාහන කොටස් තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි.

අඩි 40ක් පමණ දිග කන්ටේනරයක මේ වාහන කොටස් තොඟය ජපානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන අතර තොටළඟ ප්‍රදේශයේ පිහිටි රේගු බහළුම් අංගනයේදී එය ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ.

වාහන නවයකට අයත් කොටස් තොගයක් මෙහි තිබී ඇති අතර එක් වාහනයක් කොටස් තුනකට කපා තිබෙන බවද එය ශ්‍රී ලංකාවට ගෙන්වූ පසු පෑස්සීමට නියමිතව තිබූ බවද ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ වාහන කොටස්වලට බඳු ගෙවා නොමැති අතර රේගුව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර තිබේ. ඊට අමතරව මේ වාහන කොටස් පැරැණි වාහනවල ඒවා බවද ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් බවද රේගුව සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]