මුද්‍රණය සඳහා

 
වයඹ සරසවියට වෛද්‍ය පීඨයක් ඉල්ලා පළාත් සභාවට විශේෂ යෝජනාවක්

වයඹ සරසවියට වෛද්‍ය පීඨයක් ඉල්ලා පළාත් සභාවට විශේෂ යෝජනාවක්

වයඹ පළාතේ උසස් පෙළ ජීව විද්‍යාව හදාරන දුර බැහැර සිසුන්ට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා කොළඹ යාමට සිදුව ඇති නිසා කුරුණෑගලට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙසට මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් විපක්ෂ නායක ජේ. සී. අලවතුවල මහතා විසින් වයඹ පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් හිමියන්ට ඔප්පු ලබා දීම සඳහා ඉඩම්ලාභීන්ගෙන් අධික මුදලක් ඉල්ලා සිටින නිසා මුදල් අය කිරීම නවතා ඔවුන්ට සහනයක් සැලසිය යුතු යැයි කියවෙන යෝජනාවක් ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ නව යෝජනාවක් ද සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]