කොටුව දුම්රිය භෝජනාගාර වසා දැමීමෙන් දෙස්-විදෙස් මඟීන් දහස් ගණනක් අසීරුවට

කොටුව දුම්රිය භෝජනාගාර වසා දැමීමෙන් දෙස්-විදෙස් මඟීන් දහස් ගණනක් අසීරුවට

* දැනට මාස 10ක් ගතවෙලා

වගකිවයුත්තන්ට කීවත් පලක් නෑ

දුම්රිය භෝජනාගාර සේවය සමගින් කොටුව දුම්රිය ස්ථානයේ පවත්වාගෙන ගිය භෝජනාගාර සියල්ල වසා දමා දැනට මාස 10ක් පමණ ගතවී ඇතත් එම භෝජනාගාර නැවත විවෘත කිරීමක් දක්නට නොමැති බව කොටුව දුම්රිය සේවකයෝ පවසති.

දිවයිනේ සෑම ප්‍රදේශයක සිටම කොළඹට පැමිණෙන දුම්රිය ගමන් අවසන් වන්නේ කොටුව දුම්රිය ස්ථානයෙනි. දුම්රියෙන් කොටුවට පැමිණෙන සහ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා මගීන් ප්‍රමාණය දිනකට ලක්ෂ 5 කට වැඩි බව එහි සේවක පිරිස් පවසති.

දුර සිට පැමිණෙන මගීන්ගේ අවශ්‍යතා සඳහා අනෙකුත් පහසුකම් කොටුව දුම්රිය ස්ථානයේ ඇතත්, හදිසියකට තේ එකක්වත් බීමට භෝජනාගාරයක් නොමැතිවීම පිළිබඳව දුම්රිය මගීන් දිනපතා මැසිවිලි නඟති.

අඩුම වශයෙන් තේ එකක් බීමට දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණිය යුතු වෙයි.

මේ තත්ත්වය යටතේ දුම්රිය මඟීන් හා සේවක පිරිස් අතර යම් යම් ප්‍රශ්න ද ඇතිවන අවස්ථා තිබේ. මේ තත්ත්වය දේශීය මෙන්ම විදේශීය සංචාරකයනට ද එකසේ බලපාන කරුණක් වී තිබේ. මාස 10කට අධික කාලයක් භෝජනාගාර ප්‍රශ්නය ඇදි ඇදී තිබීම නිසා ඊට විසඳුමක් ලෙස දුම්රිය සුබසාධක සංගමය මේ භෝජනාගාර සේවය ලබා දෙන ලෙස ඉල්ලති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා