අරණායක දුෂ්කර ගම්මාන පහකට අලුතෙන් පාලම්

අරණායක දුෂ්කර ගම්මාන පහකට අලුතෙන් පාලම්

අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දුෂ්කර ගම්මාන යාකරමින් නව පාලම් පහක් ඉදිකිරිම සඳහා ආර්ථිකසංවර්ධන අමාත්‍යංශ යටතේ රුපියල් දෙකෝටි තිස්ලක්ෂයක මුදලක් ලබා දිඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා කිය.

ඇමැතිවරයා එසේ කීවේ දෙබත්ගම ප්‍රදේශයේ ලක්ෂ 40ක වියදම්න් ඉදිකිරිමට යෝජිත පාලම සඳහා මුල්ගල තැබිමේ උත්සවයට සහභාගි වෙමිනි. මේ යටතේ ඉදිකිරිමට යෝජිත වහරක්ගොඩ බැමිණිවත්ත යාකරමින් මා ඔය හරහා මීටර් 26 දිගින් යුතු ලක්ෂ 90 , තල්ගස්පිටිය කොස්අංග පාලම මීටර් 8 ලක්ෂ 30, හබලක්කාව අඹකුඹුර මීටර් 8 ලක්ෂ 30 අරණායක සපුමල්අඹේ ලක්ෂ 40 දෙබත්ගම 40 යන පාලම් ඉදිකිරිම් කටයුතු ආරම්භ කරඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා කිය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා