මුද්‍රණය සඳහා

 
නගර සභාවේ සේවකයන් 75ක් ස්ථිර සේවයට

නගර සභාවේ සේවකයන් 75ක් ස්ථිර සේවයට

පානදුර නගර සභාවේ සේවය කළ ආදේශකයන් හැත්තෑපස්දෙනෙක් (75) ස්ථිර කරගත් බව පානදුර නගර සභාපති නන්දන ගුණතිලක මහතා (එජනිස) එම සභාවේ අයවැය කෙටුම්පත ඉදිරිපත් කළ විශේෂ රැස්වීමේදී කීවේය.

මේ රැස්වීම පානදුර නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණි.

බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් නගර සභාවේ සේවක සංඛ්‍යාව පිළිබඳව ඉල්ලා තිබූ ඇස්තමේන්තුව අනුව ඉදිරි වර්ෂ පහ සඳහා සේවකයන් තීරණය කර යැවූ අතර ඒ අනුව තනතුරු පනස් හතරක් (54) අනුමත කරගත් බවද සභාපතිවරයා කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]