මුද්‍රණය සඳහා

 
උසස් පෙළ වාණිජ අංශයෙන් කෑගල්ලේ පළමු තැන දිනේෂා ට

උසස් පෙළ වාණිජ අංශයෙන් කෑගල්ලේ පළමු තැන දිනේෂා ට

2013 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත්තේ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ එම්. පී. දිනේෂා සඳමාලි විජේතිලක ශිෂ්‍යාවයි.

ඇය මාවනැල්ල නුංගමුව පදිංචි තැනැත්තියකි. පළමු වසරේ සිට 11 වසර දක්වා මාවනැල්ල මයුරපාද විදුහලේ අධ්‍යාපනය ලැබූ ඇය 2010 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 07ක් සහ ‘බී’ සාමාර්ථ 02ක් ලබා ඉන් අනතුරුව කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත.

එහිදී 2013 උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව වාණිජ අංශයෙන් ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් 03ට ‘ඒ’ සාමාර්ථ ලබමින් කෑගලු දිස්ත්‍රික්කයේ වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට වාසනාව ලබා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]