මුද්‍රණය සඳහා

 
මුම්බායි සිට දෙහ්රාදූන්  බලා‍ ගිය දුම්රියක් ගිනි ගනී

මුම්බායි සිට දෙහ්රාදූන්  බලා‍ ගිය දුම්රියක් ගිනි ගනී

මගීහු 9ක් මරු දකිති

මුම්බායි සිට දෙහ්රාදූන් බලා‍ ගමන් ගත් රාත්‍රි දුම්රියේ ඇතිවු ගින්නකින් පුද්ගලයන් 9දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව දුම්රිය නිලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.

පෙරේදා රාත්‍රියේ ගමනේ යෙදුනු දුම්රියේ මගීන් නින්දේ පසුවෙද්දී මේ ගින්න හටගෙන ඇති අතර එය මැදිරි තුනක පැතිරී ඇත. මුම්බාය නගරයෙන් පිටත්වී කෙටි කාලයක දී ගින්න හටගෙන තිබේ. ගින්න හටගෙන ඇත්තේ අලුයම 2.30 ට පමණය. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.

ගින්න මැඬපැවැත්වීමෙන් පසු ගිනිගත් මැදිරි තුන ඉවත්කොට දුම්රිය ගමනේ යෙදුනු බවද සඳහන්ය. පිළිස්සී මිය ගිය අයගෙන් සිවුදෙනකුගේ මළ සිරුරු පමණක් හඳුනාගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]