මුද්‍රණය සඳහා

 
‘අනියම් සැමියා පැහැර ගැනීම’ බොරුවක්

‘අනියම් සැමියා පැහැර ගැනීම’ බොරුවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් පරීක්ෂකවරියක නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළුවී සිය අනියම් සැමියා පැහැරගෙන ගොස් ඇති බවට ඊයේ (30) පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

වාර්තා වූ අන්දමට පොලිස් පරීක්ෂකවරියකට හෝ කිසිදු කාන්තාවකට බලහත්කාරයෙන් පුරුෂයකු පැහැරගෙන යා නොහැකි බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම පවුල් දෙක අතර යම් මතභේදාත්මක ආරවුලක් ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]