මුද්‍රණය සඳහා

 
වෙල්යායක දමා ගොස් සිටි එක් දිනක් වයසැති බිළිඳා මරුට

වෙල්යායක දමා ගොස් සිටි එක් දිනක් වයසැති බිළිඳා මරුට

පාණදුර මාලමුල්ලේ වෙල්යායක ඉකුත්දා දමා ගොස් සිටි එක් දිනක් වයසැති බිළිඳා කොළඹ ජාතික රෝහලේ දී මරණයට පත් වී ඇත.

මෙම බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් විය. මරණයට හේතුවී ඇත්තේ හෘදය වස්තුවේ ඇති වූ ස්වභාවික ආබාධයක් බව පාණදුර පොලිසියේ සුළු අපරාධ අංශයේ සැරයන් කරුණාරත්න මහතා අදාළ අධිකරණ වෛද්‍යවාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. පාණදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි ද්‍රවිඩ මෙහෙකාර තරුණියක් පාණදුර අතිරේක දිසාවිනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් පෙබරවාරි මස 10 දන්වා රක්ෂිත බන්ධනාගාර ගත කර වැඩිදුර වාර්තාවක් පොලිසියෙන් කැඳවීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]