මුද්‍රණය සඳහා

 
කොළඹ මහ නගර සභාවේ වරිපනම් අන්තර්ජාලයෙන් ගෙවීම සාර්ථකයි

කොළඹ මහ නගර සභාවේ වරිපනම් අන්තර්ජාලයෙන් ගෙවීම සාර්ථකයි

කොළඹ මහ නගර සභාව සිය වරිපනම් බදු මුදල් අන්තර්ජාලය මඟින් ගෙවීමේ සේවාව ජනතාවට හදුන්වාදීමත් සමඟ ඒ හරහා ගෙවා තිබෙන වරිපනම් බදු මුදල රුපියල් ලක්‍ෂ 16 ඉක්මවා යාමට සමත්ව තිබේ.

මෙම සේවාව හදුන්වා දී ගත වූ දින 20 ක කාලයක දී එම සේවාව ලබාගෙන තිබෙන පිරිස දෙසීය ඉක්මවා ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

දේපළ වරිපනම් බදු, ව්‍යාපාර බදු, වෙ‍ළෙද බදු, නාගරික නිවාස කුලී, කඩ සාප්පු සහ කඩපිල් බදු යන බදු මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකියාව තිබෙන බවද එම නියෝජිතායතනය පෙන්වා දෙයි.

තමන් ගෙවන ලද සහ ගෙවීමට නියමිත බදු මුදල් පිළිබඳ විස්තරද අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමට හැකිවන අතර ගෙවන ලද බදු මුදල් සඳහා අන්තර්ජාලය මඟින්ම විද්‍යුත් ලදුපතක් නිකුත් කෙරේ.

කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් හය ලක්‍ෂයකට ආසන්න වන අතර වාර්ෂික වරිපනම් බදු මුදල පමණක් රුපියල් මිලියන 3,300 ඉක්මවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය කියයි.

මෙම බදු මුදල් ගෙවීම සදහා කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් සහිත ගෙවීම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටද අපේක්‍ෂා කරන අතර www.cmc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගැනීමට හැකිවේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]