මුද්‍රණය සඳහා

 
‘හයිවේ ඩ්‍රීම්’ තෑගි දීම අද

‘හයිවේ ඩ්‍රීම්’ තෑගි දීම අද

ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා‍ දුන් "හයිවේ ඩ්‍රීම්" ලොතරැයියේ ත්‍යාග පිරිනැමීම සහ "හයිවේ ඩ්‍රීම් දෙක" ගොතරැයිය හඳුන්වා දීම අද (31) ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

කොළඹ කටුණායක අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් හඳුන්වා දුන් මෙම ලොතරැයියේ

ප්‍රථම ත්‍යාගය මෙන්ම අනෙකුත් ජයග්‍රාහකයන් හිමිකර ගත් මෝටර් රථ පනහ පිරිනැමීම ද අද (31) බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.

"හයිවේ ඩ්‍රීම්" ලොතරැයියේ දිනුම් ඇදීම ගත වූ දෙසැම්බර් 31 වැනිදා සිදු කළ අතර ලොතරැයියේ දිනුම් ඇදීමට පෙර සියලු ටිකට් පත් අලෙවි කිරීමට හැක් වූ බව ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (අලෙවි) අනුර ජයවර්ධන මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

"හයිවේ ඩ්‍රීම්" දෙක ලොතරැයිය සම්බන්ධයෙන් ද මණ්ඩලය දැඩි විශ්වාසයකින් පසුවන අතර ජාතික ලොතරැයි මණ්ඩලය මගින් සමාජ සද්කාර රැසක් සිදුකරන බව ජයවර්ධන මහතා වැඩි දුරටත් කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]