මාතෘ භූමියට එරෙහි සියලු කුමන්ත්‍රණ ජනතාවට විරුද්ධව කරන කුමන්ත්‍රණයි

අම්බලන්තොට දී ජනපති කියයි

මාතෘ භූමියට එරෙහිව සිදු කෙරෙන සියලු විදේශ කුමන්ත්‍රණ තමා දකින්නේ මේ රටේ ජනතාවට විරුද්ධව කරන කුමන්ත්‍රණ ලෙසින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විස්තර»


බ්‍රිතාන්‍ය අගමැති චෝගම් එන්න කලින් දමිළ සංවිධාන නියෝජිතයන් හමුවෙලා

තොරතුරු අනාවරණය වෙයි

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළු රැස්වීමට (චෝගම්) පැමිණීමට පෙර, බ්‍රිතාන්‍ය අගමැති ඩෙවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ දමිළ සංවිධානවල නියෝජිතයන් රැසක් හමුවී ඇති බව දැන් අනාවරණය වී තිබේ.

විස්තර»

අපි යුද්ධයෙන් සාමයට, අකාර්යක්ෂම බවෙන් කාර්යක්ෂම බවට, අපිරිසුදුකමින් පිරිසුදුකමට,  නොදියුණුකමින් සංවර්ධනයට, වහල්කමෙන් නිවහල්කමට ගමන් කරන්නෙමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 පෙබරවාරි 4 වැනිදා කෑගල්ලේ දී





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

පිටකොටුවේ හොර සූදු පොළ පහක් වටලයි

සැකකරුවන් 94ක් මුදල් සමඟ අත්අඩංගුවේ

පොලිසියෙන් අලුත් වැඩපි‍ළිවෙළක්

මෙහෙයුමට ආවේ සිවිල් ඇඳුමෙන්

නව පන්නයේ සූදු පොළට ඇතුළුවීමට රුපියල් 3000ක්

කොළඹ, පිටකොටුව ඕල්කොට් මාවත සහ පළමු හරස් වීදියේ පවත්වාගෙන ගිය හොර සූදු පොළ පහක් වටලා සැකකරුවන් 94 දෙනකු රුපියල් ලක්ෂ තුනක මුදල් සමඟින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් ‍ව ඇත. කොළඹ ප්‍රදේශයේ සූදු පොළ වැටලීමට පොලීසිය ගෙන යන වැඩපිළිවෙළහි එක් පියවරක් වශයෙන් සිදු කළ මෙම වැටලීමෙන් සූදුවෙහි නියැලී සිටි අසූදෙදෙනකු...

විස්තර»

ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉතා කැමැතියි ඔවුන්ගේ ගීතිකාවලට දැඩි සේ ඇලුම් කරනවා

ශුද්ධෝත්තම පාප් වහන්සේ

ශ්‍රීී ලංකාවේ සංචාරයකට තමා ඉතාමත් කැමැත්තෙන් සිටින බව ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. කෙතරම් අසීරු වුවද සංහිඳියා ක්‍රියාමාර්ගයකට යොමුවීම සංවර්ධනය සහ සාමය ළඟා කර ගැනීමට ඇති හොඳම පිළිවෙත බව පාප්වහන්සේ පෙන්වා දී ඇත. තමා අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් සිටින බවද අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ යළිත් ප‍්‍රකාශ කර ඇත.

විස්තර»

කොළඹ නගරාධිපතිගේ බිරියට නාම යෝජනා නොදුන්නාට එජාප ජ්‍යෙෂ්ඨයන් තනතුරු අත්හරින තීරණ

ඡන්ද සටන ආරම්භයේදී ම කඩා වැටෙන හැඩ

කොළඹ නගරාධිපති ඒ . ජේ . එම් මුසම්මිල් මහතාගේ බිරියට කොළඹ දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂඨයෝ රැසක් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් එජා ප කොළඹ දිස්ත්‍රික් ඡන්ද සටන ආරම්භයේම කඩා වැටී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

විස්තර»

බස්නාහිර-දකුණ තැපැල් ඡන්ද අයැදුම් කාලය අද අවසන්

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමේ අයදුම් කාලය අද (10) දා මධ්‍යම රාත්‍රී 12 ට අවසන් කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් අද මධ්‍යම රාත්‍රියට පෙර අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත යැවිය යුතු බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

අපේක්ෂකයන්ට මනාප අංක හෙට

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමේ දිස්ත්‍රික් හය සඳහා තරග කරන අපේක්ෂකයන් තුන්දහස් හත්සිය අනූ හතර දෙනාට මනාප අංක නිකුත් කිරීම හෙට (11) ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් සිදුකෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අනාවරණය කරයි.

විස්තර»

ශ්‍රී ලංකාවේ මතින් තොර සමාජයක් බිහි කරන වැඩසටහනේ පළමු පියවර අද ඇරැඹේ

ශ්‍රී ලංකාවේ මතින් තොර සමාජයක් බිහිකිරීම උදෙසා ආරම්භ වන පළමු වැඩසටහන අද (10) පොළොන්නරුවේ වැලිකන්දෙන් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය 2014 වසර මතින් තොර සමාජයක් බිහිකිරීමේ වසර ලෙස නම් කර තිබේ. ඒ අනුව "මතින් තොර සමාජයක් 2014" තේමාව යටතේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මේ වැඩසටහන අද (10) උදේ 9.00ට පොළොන්නරුවේ වැලිකන්දේ සිංහපුර හා අසේලපුර විද්‍යාලවලදී ආරම්භ කෙරේ.

විස්තර»

දකුණු පළාත් සභා අපේක්ෂක අජිත් ප්‍රසන්න අත්අඩංගුවට

නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළ දකුණු පළාත් සභා අපේක්ෂකයකු වන අජිත් ප්‍රසන්න මහතා ඊයේ (9) පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී ගාල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී ඉතා කලහකාරි ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරියකුට පහර දී ඇති මේ අපේක්ෂකයා ඉන් නොනැවතී විවිධ ස්ථානවල වහසි බස් දොඩමින් හැසිරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (09) පැවසීය.

විස්තර»

කොළඹ පිටත වටරවුම් මාර්ගය

ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලබන 03 වැනි අධිවේගී මාර්ගය වන කොට්ටාවේ සිට කඩුවෙල දක්වා දිවැන මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ කරුණු නිරීක්ෂණය කිරීමට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත්දා එහි සංචාරයක නිරත විය. මේ මාර්ගයේ කොට්ටාව මංසන්ධිය ගුවනේ සිට පෙනෙන අයුරු සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පරිසර හා පුනර්ජනනීය හා බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්, යන මහත්වරුන්ට මාර්ගයේ ඉදිරි ඉදිකිරීම් පිළිබඳ නිලධාරීහු කරුණු පැහැදිලි කළ අයුරු.



 


 

නීති විදුහලේ ඉගෙනුම ලද මතු දියුණුව බලා
නිසංසලා සමරසිංහ සිසුවිය හදිසියේ මළා
ඩෙංගු මදුරුවා සිටිනව හැම තැන දැල එළා
දැන්වත් ඇස් ඇරිය යුතුයි හිටියා ඇති බලා