වයඹ අධ්‍යාපනයට රුපියල් ලක්ෂ 3200ක්

වයඹ අධ්‍යාපනයට රුපියල් ලක්ෂ 3200ක්

- ප්‍රධාන අමැති දයාසිරි ජයසේකර

වයඹ පළාතේ අධ්‍යාපනය දියුණු කිරීමට 2014 වසරේ රුපියල් ලක්ෂ 3200 කට වැඩිය මුදලක් ජනාධිපතිතුමා ලබා දී තිබෙනවා . දැන් අපට තියෙන්නෙ දේශපාලනය පැත්තක තියලා වැඩ කරන්න. මෙම පාසල අපේ කියල හිතාගන වැඩ කරමු යයි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසු ගිය දා කුලියාපිටිය දීගල්ල රේවත ද්වීතීය පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

පාසල් වහනවා කියල අපට චෝදනා කළත් අපි වහල තියෙන පාසල් නැවත ආරම්භ කරනවා. දීගල්ලෙ මෙම විදුහලේ ප්‍රාථමිකය වහල කියල විශාල ගැටලුවට මට මුහුණ දෙන්න සිද්ද වුණා.

කොහොම වුවත් මෙම විදුහලේ ප්‍රාථමිකය ලබන මාසයේ ආරම්භ කිරීමට පියවර ගන්නවා.

පසු ගියදා (5) දීගල්ල රේවත ද්වීතීයික පාසලේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි වයඹ ප්‍රධාන අමාත්‍යතුමා පාසල් දරුවන් සහ මාවුපියන් ඉදිරියේ මෙම ප්‍රකාශය කරන ලදී.

ළමා මිතුරු පාසල් වැඩ සටහන යටතේ පාසල් 5000 ක් තෝරාගන සංවර්ධනය කිරීමේ වැඩ සටහන අනුව මෙම පාසලේ ප්‍රාථමිකය ඉවත් කිරීම නිසා බොහෝ දෙනෙකුට කරදර වලට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබුණ බව මම දන්නවා. ඉස්සරහ ගෙදර දරුවා පාසල පෙනි පෙනී කිලෝ මීටර් පහක් පමණ ඈතින් පිහිටි පාසලකට යනවා. ඒක හොඳ මදි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා