ඉතාලි සර්කස් මෙරට ගමින් ගමට

ඉතාලි සර්කස් මෙරට ගමින් ගමට

ඉතාලියේ සිට මෙරටට පැමිණ සිටින ඉතාලි ජාතික සර්කස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ගම්මානවලට ගොස් ගම්මානවල සිටින පාසල් දරු දැරියන්ට නොමිලේ සර්කස් සංදර්ශන පවත්වමින් සිටිති.

ඉතාලියේ (Giullavi Senfa Frontiere) සර්කස් කණ්ඩායමේ 14 දෙනකු මෙරටට පැමිණ මේ දිනවල සීගිරිය ප්‍රදේශයේ දරුවන්ට තම සංදර්ශන නොමිලේ පෙන්වමින් සිටිති.

මෙම කණ්ඩායම මීගමුව, පුත්තලම, යාපනය, අනුරාධපුර ප්‍රදේශවල මෙන්ම මහනුවර ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන්ද මෙම සංදර්ශන පැවැත්වීමට නියමිතව ඇත.

තම දක්ෂතා පිළිබඳව ලෝකයේ විවිධ රටවලට ගොස් කුඩා දරුවන් දැනුවත් කොට සර්කස් සඳහා ඇල්මක් දැක්වීමට ලොව දරුවන් යොමු කැරවීම මෙහි අරමුණ බව ඔවුහු කියති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා