මෙවර මට නාම යෝජනා ලැබුණත් එජාපයට දකුණේ විශාල පරාජයක්

මෙවර මට නාම යෝජනා ලැබුණත් එජාපයට දකුණේ විශාල පරාජයක්

- මෛත්‍රී ගුණරත්න

තමාට මෙවර නාම යොජනා ලැබුණත් දකුණු පළාත් සභාව එක්සත් ජාතික පක්ෂය විශාල පරාජයක් ලබන බව හිටපු එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 8 වන දින මාධ්‍යයට අදහස් දක්වමිනි. වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,

මෙවර මට නාම යෝජනා දුන්නේ නැත්තේ නායකත්වයට එරෙහිව ප්‍රබල හඬක් නගපු නිසා මම ඒ හඬ නැඟුවේ එ.ජා.ප ය ජයග්‍රහණය කරා ගෙන යන්න. කොහොම වුණත් මට නාම යෝජනා ලැබුණත් මේ නායකත්වය වෙනස් වන තුරු ඡන්ද දිනීම සිහිනයක් පමණයි. මිනිස්සුන්ට මේ නායකත්වය ගැන විශ්වාසයක් නෑ. ඔවුන් දන්නවා දැන් එ.ජා.ප. යට ඡන්දයක් දුන්නොතින් ඒකෙන් වෙන්නේ රනිල් ශක්තිමත් වෙලා තව දුරටත් පක්ෂය පරාජය වෙන එක කියලා. ඒක නිසා මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ.

දකුණු පළාත් සභාව ඉතිහාසය ලොකුම පරාජය මෙවර ලබනවා. කවුරු ඇවිත් මොන දේ කරත් වැඩක් නෑ නායකත්ව වෙනසක් නොකර. දැන් මේ ලබන පරාජය ලැබුවාම මේ ඉන්න නායකයා කියනවා නායකත්ව මණ්ඩලය පැරදුනා කියලා. ඊට පස්සේ ඒකත් ඉවරයි. අපි ඔය අවස්ථාවේ කිව්වා නියමිත බලතල නැතිව ඕක ගන්න එපා කියලා. නමුත් ඇහුවේ නෑ. දැන් ඒ අයට ඒක තේරෙනවා ඇති.

අද මේ පැවැත්වෙන මැතිවරණ දෙකටම නායකයා වෙනුවෙන් පෙනී සිටින කිසිම කෙනෙක් තරඟ කරන්නේ නෑ. ඔවුන් අයින් වෙලා ඉන්නවා. ඔවුන් දන්නවා ඔවුන්ට මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ කියලා. මෙවැනි අමාරු අවස්ථාවක හැමෝම එකතුවෙලා ඡන්දෙට එන්න ඕන අවස්ථාවේ එයාලා හැංඟෙනවා. උදාහරණයක් විධියට ගාල්ලේ වජිර ඡන්ද වලට එන්නේ නෑ.ආවොතින් දන්නවා වෙන දේ ඒක නිසා ඇතුලට වෙලා ආණ්ඩුවෙන් කකා පක්ෂය කනවා.

මෙවැනි ගාම්භීර පක්ෂයකට අද වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුක හිතෙනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා