ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉතා කැමැතියි ඔවුන්ගේ ගීතිකාවලට දැඩි සේ ඇලුම් කරනවා

ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉතා කැමැතියි ඔවුන්ගේ ගීතිකාවලට දැඩි සේ ඇලුම් කරනවා

ශුද්ධෝත්තම පාප් වහන්සේ

ශ්‍රීී ලංකාවේ සංචාරයකට තමා ඉතාමත් කැමැත්තෙන් සිටින බව ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. කෙතරම් අසීරු වුවද සංහිඳියා ක්‍රියාමාර්ගයකට යොමුවීම සංවර්ධනය සහ සාමය ළඟා කර ගැනීමට ඇති හොඳම පිළිවෙත බව පාප්වහන්සේ පෙන්වා දී ඇත.

තමා අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් සිටින බවද අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ යළිත් ප‍්‍රකාශ කර ඇත. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පෙරේදා (8) පැවති විශේෂ දේව මෙහෙයකට එක්වීමෙන් අනතුරුව වේ.

ශී‍්‍ර ලංකාවට පැමිණෙන ලෙස කර තිබූ ආරාධනය නිල වශයෙන් පිළිගත් බවද පාප් වහන්සේ මෙහිදී සඳහන් කර තිබේ.

ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රැසක්ද මේ විශේෂ දේව මෙහෙයට එක්වී ඇති අතර අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලාංකිකයන් ගායනා කරන දේව ගීතිකාවලටද තමන් දැඩි ලෙස ඇලුම් කරන බවයි.

එම අවස්ථාවට මෙරට කතෝලික රදගුරු මණ්ඩලයේ නියෝජිතයන් සහ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ‍්‍රිත තිසේරා, ධීවර ඇමැති රාජිත සේනාරත්න සහ ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහත්වරු එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා