මුද්‍රණය සඳහා

 
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් දුර්වලයන්

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් දුර්වලයන්

- රංජිත් අළුවිහාරේ

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සිටින බහුතරයක් පක්ෂයට ශක්තියක් ලබාදිය නොහැකි දුර්වලයින් බව එක්සත් ජාතික පක්ෂ රත්තොට සංවිධායක, මධ්‍යම පළාත් සභා විපක්ෂනායක රංජිත් අළුවිහාරේ මහතා පවසයි.

පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් කිසිවක් නොකරන මොවුන් බලා සිටින්නේ එජාපයට ජනරැල්ලක් ආ දවසක පෙරමුණ ගෙන තනතුරු ලබාගන්නට බවද ඒ මහතා කීය.

බස්නාහිර දකුණු පළාත් මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීම සම්බන්ධව තමන් ඉදිරිපත් කළ යෝජනා නායකත්ව මණ්ඩලය විසින් නොසලකා හැර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන බහුතරයක් පක්ෂය දිනවන්න උත්සාහ කරන අය නොවන බවත් ඔවුනට පක්ෂය ගැන හැඟීමක් නොමැති බවත් කී ඒ මහතා පසුගියදා හයිඩ් පිටියේ පැවැති විරෝධතාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි පිරිසක් නොපැමිණි බවද අවධාරණය කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]