මුද්‍රණය සඳහා

 
සිව් හැවිරිදි පුතාව සිගරැට්වලින් පුච්චලා

සිව් හැවිරිදි පුතාව සිගරැට්වලින් පුච්චලා

තම සිව් හැවිරිදි පුතා සිගරැට්වලින් පුළුස්සා කෲරත්වයට පත් කළ බව කියන පියකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය එම දරුවා පානදුර ප්‍රජාපති ළමා නිවාසයේ රඳවා තබන ලෙස නියම කළාය.

මෙසේ පියාගේ කෲරත්වයට පත්ව ඇත්තේ අළුත්ගම ධර්ගා නගරයේ පතිරාජගොඩ පහළ වත්තේ පදිංචි දරුවෙකි.

මෙම දරුවා මිත්තනිය භාරයේ තබා මව මීට වසර දෙකකට පෙර විදේශ රැකියාවකට ගොස් ඇති බවත්, ඉන් පසු පියා දරුවාගේ මුහුණ ඇතුළු සිරුර සිගරැට්වලින් දරුණු ලෙස පුළුස්සා වධ දී ඇති බවත්, පියාගේ සහෝදරියක නැවත දරුවාව මවගේ අම්මාට බාරදී ඇති බවත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. දරුවාගේ මිත්තනිය වන ධර්ගා නගරයේ පදිංචි මොහොමඩ් ඉබ්‍රාහිම් පවුසියා යන අය කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා දරුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළ බව අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]