බ්‍රිතාන්‍ය අගමැති චෝගම් එන්න කලින් දමිළ සංවිධාන නියෝජිතයන් හමුවෙලා

බ්‍රිතාන්‍ය අගමැති චෝගම් එන්න කලින් දමිළ සංවිධාන නියෝජිතයන් හමුවෙලා

තොරතුරු අනාවරණය වෙයි

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළු රැස්වීමට (චෝගම්) පැමිණීමට පෙර, බ්‍රිතාන්‍ය අගමැති ඩෙවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ දමිළ සංවිධානවල නියෝජිතයන් රැසක් හමුවී ඇති බව දැන් අනාවරණය වී තිබේ.

2013 නොවැම්බර් 7 දින, අංක 10 ඩවුනිං

පාරේ අගමැති කාර්යාලයට එරට දමිළ සංවිධානවල නියෝජිතයන්ට රැස්වීමකට ආරාධනය කළේද, ඒ කුමන සංවිධානවලටද යන්න පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර තිබේ.

එම රැස්වීමට ගෝලීය දමිළ සංසදයේ, බ්‍රිතාන්‍ය දමිළ සංසදයේ, බ්‍රිතාන්‍ය දමිළ කොන්සර්වටිව්, කම්කරු පක්ෂ දමිළ, දමිළ තොරතුරු කේන්ද්‍රයේ, සමූල ඝාතනයට එරෙහි දමිළ සහ ඉලංකායි දමිළ අරුසු කච්චි (බ්‍රිතාන්‍ය ශාඛාව) නියෝජනයන්ට ආරාධනා කළ බව, වාණිජ, පළාත් පාලන හා විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය බරොනෙඒ වාර්සි පවසා ඇත. ආරාධිත සියලුම පාර්ශ්වයන් එම රැස්වීමට සහභාගි වූ බවද ඔහු කියා තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති චෝගම් සමුළුවට සහභාගි වීමට පෙර දමිළ නියෝජිතයන්ගේ මෙන්ම, ශ්‍රී ලංකා මහ කොමසාරිස්, රාජ්‍ය නොවන සංවිධාන, ජගත් සංවිධාන මානව හිමිකම් මහ කොමසාරිස්, කොන්සර්වටිව් ශ්‍රී ලංකා මිත්‍රයන්, දමිළ පාර්ලිමේන්තු කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ අදහස් දැනගැනීමට අගමැතිතුමා, විදේශ ලේකම් සහ රාජ්‍ය ඇමැති හියුගෝ ස්ටයර් ඔවුන්ද හමු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා