මුද්‍රණය සඳහා

 
බස්නාහිර-දකුණ තැපැල් ඡන්ද අයැදුම් කාලය අද අවසන්

බස්නාහිර-දකුණ තැපැල් ඡන්ද අයැදුම් කාලය අද අවසන්

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමේ අයදුම් කාලය අද (10) දා මධ්‍යම රාත්‍රී 12 ට අවසන් කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් අද මධ්‍යම රාත්‍රියට පෙර අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත යැවිය යුතු බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි.

පළාත් පාලන ආයතනවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ ග්‍රාම නිලධාරි කාර්යාලවලින් අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීමට අදාළ උපදෙස් ලබා ගත හැකි බව ද ඊට අමතරව 1919 රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානයට හැඳුනුම්පත් අංකය හා නම ලබාදීමෙන් අයදුම්පත්‍රය පිරවීමට අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]