අපේක්ෂකයන්ට මනාප අංක හෙට

අපේක්ෂකයන්ට මනාප අංක හෙට

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමේ දිස්ත්‍රික් හය සඳහා තරග කරන අපේක්ෂකයන් තුන්දහස් හත්සිය අනූ හතර දෙනාට මනාප අංක නිකුත් කිරීම හෙට (11) ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් සිදුකෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අනාවරණය කරයි.

එක් එක් පක්ෂයේ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබාදී ඇති නාමයෝජනාපත්‍ර අනුව සිංහල අකාරාදි පිළිවෙළට සකස් කොටමනාප අංක නිකුත් කෙරෙන බවත්, මනාප අංක දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත යැවීමට නියමිත බවත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි. දිස්ත්‍රික් හය සඳහා පක්ෂ 24 හා ස්වාධීන කණ්ඩායම් 42 යටතේ නාමයෝජනා ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා