ශ්‍රී ලංකාවේ මතින් තොර සමාජයක් බිහි කරන වැඩසටහනේ පළමු පියවර අද ඇරැඹේ

ශ්‍රී ලංකාවේ මතින් තොර සමාජයක් බිහි කරන වැඩසටහනේ පළමු පියවර අද ඇරැඹේ

ශ්‍රී ලංකාවේ මතින් තොර සමාජයක් බිහිකිරීම උදෙසා ආරම්භ වන පළමු වැඩසටහන අද (10) පොළොන්නරුවේ වැලිකන්දෙන් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය 2014 වසර මතින් තොර සමාජයක් බිහිකිරීමේ වසර ලෙස නම් කර තිබේ.

ඒ අනුව "මතින් තොර සමාජයක් 2014" තේමාව යටතේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මේ වැඩසටහන අද (10) උදේ 9.00ට පොළොන්නරුවේ වැලිකන්දේ සිංහපුර හා අසේලපුර විද්‍යාලවලදී ආරම්භ කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීම උදෙසාත් සහපත් සමාජයක් රට තුළ ස්ථාපික කිරීම උදෙසාත් අවශ්‍ය කටයුතු සිදු කිරීමෙ සඳහා පසුගිය සතියේදී විශේෂ කමිටුවක් පත් ‍කළේය.

මත් වසංගතය හේතුවෙන් අප රටේ තරුණ පරපුර දැඩි පීඩනයකට පත්ව ඇතැයි පවසන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මත් වතුර සහ දුම්වැටි පමණක් නොව විවිධ භයානක මත්‍ද්‍රව්‍ය මෙන්ම බාබුල් , බීඩා, පාම්පරාක් , මාවා වැනි මත් වන ද්‍රව්‍යත් "විදේශ රටවල් සිට එන මත් පුවක්, පෙති වර්ගත් ඇතැම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ගත් මත්ද්‍රව්‍ය වශයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අළෙවි කීරීමේ ජාවාරමත් පවතින බවද අවධාරනය කරයි.

පාසල් අවට තිබෙන කුඩා පෙට්ටි කඩවල මේවා හොර රහසේ අළෙවි කරමින් මේ රටේ පාසල් දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ කූඨ වැඩපිළිවෙළක් ඇති බව පවසන ඇමැතිවරයා තම දරුවන් ඇසුරු කරන්නේ කුමන වර්ගයේ පුද්ගලයන්ද දරුවන් සිදුකරන්නේ මොනවාද යන්න දැඩි විමසිල්සෙන් සිටින ලෙස මාපියන්ට කියා සිටී.

මේ සම්බන්ධයෙන් මාපියන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස පවසන මෛත්‍රිපාල සිරිසෙන මහතා පාසල් හා ඒ අවට මෙවැනි ද්‍රව්‍ය විකිණිමේ ජාවාරම් හෝ එවැනි ස්ථාන පවතින්නේ නම් වහාම ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වෙත ඒ බව දන්වන ලෙසද පවසන අතර තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් යහපත් සමාජයක් හා රටක් නිර්මාණය කිරීම උදෙසා එය මාපියන්ගේද වගකීමක් බව අවධාරණය කරයි.

මතින් තොර සමාජයක් බිහිකිරීමේ වර්ෂය වශයෙන් 2014 වසර නම් කිරීමට රජය පියවර ගැනීම ඉතාම කාලෝචිත පියවරක් බව පෙන්වා දෙන ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සඳහා කැපවීමේන් කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාතියේ ප්‍රණාමය හිමිවන බවද පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා