මුද්‍රණය සඳහා

 
දකුණු පළාත් සභා අපේක්ෂක අජිත් ප්‍රසන්න අත්අඩංගුවට

දකුණු පළාත් සභා අපේක්ෂක අජිත් ප්‍රසන්න අත්අඩංගුවට

නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළ දකුණු පළාත් සභා අපේක්ෂකයකු වන අජිත් ප්‍රසන්න මහතා ඊයේ (9) පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී

ගාල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී ඉතා කලහකාරි ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරියකුට පහර දී ඇති මේ අපේක්ෂකයා ඉන් නොනැවතී විවිධ ස්ථානවල වහසි බස් දොඩමින් හැසිරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (09) පැවසීය. පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ බරපතළ වරදට අමතරව යුද හමුදාවේ කැලෑ නිල ඇඳුමේ කොටස් සහිත ඇඳුමකින් සහ තොප්පියකින් සැරසී සිටීම සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශවල ඇඳුම් පැලඳුම්වලට සමාන ඇඳුම් පැලඳුම් අවසරයකින් තොරව භාවිතා කිරීම තහනම් වන නිසා මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 40‍ දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායම් තුනක් ඔහුගේ නිවස වෙත පෙරේදා (08) රාත්‍රියේ ගොස් ඇතත් ඔහු නිවසින් පළා ගොස් සිටි බව පැවසූ හෙතෙම පසුව කළ පරීක්ෂණවලදී කොළඹ පෞද්ගලික රෝහලක නැවතී සිටින බව හෙළි වූ බව පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]