ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නෙන් අක්: 200ක් වැනසිලා

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නෙන් අක්: 200ක් වැනසිලා

ශ්‍රී පාද රක්ෂිතයේ ඉකුත් 06දා දහවල් ඇති වූ ගින්නෙන් අක්කර 200ක පමණ භූමි ප්‍රමාණයක් විනාශවී තිබෙන අතර ඊයේ (09) පස්වරුව වනවිට ගින්න ශ්‍රී පාද අභය භූමිය දෙසටද පැතිර යමින් තිබිණි.

ගින්නෙන් ශ්‍රී පාද රක්ෂිතයේ ඇති ජල මූලාශ්‍ර වලටද හානි සිදුව ඇත.

නල්ලතන්නිය නගරයේ විශාල පිරිසක් රක්ෂිතයේ ජල මූලාශ්‍ර හරස්කර බට යොදාගෙන ජලය ලබාගන්නා අතර ගින්න පැතිරයාමෙන් එම බට ද විනාශවී තිබේ. නල්ලතන්නිය පොලිසිය ආසන්නයේ හටගත් ගින්න නිවීමට පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව විශාල පරිශ්‍රමයක් ගත්හ. අධික වියළි කාලගුණයත් සුළඟත් හේතුවෙන් පැතිරීගිය ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා හෙළිකොප්ටර් යානාවල සහායද ලබා ගැනිණි. ගින්න පහළට පැතිර ඒම එමඟින් වළක්වා ගත හැකි වුවත් ශ්‍රී පාද රක්ෂිතයේ ඉහළ ප්‍රදේශයට ගින්න පැතිර ගොස් ඊයේ (09) වන විට එය ශ්‍රී පාද අභ්‍ය භූමිය දෙසටද ව්‍යාපත්වෙමින් තිබිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා